Скачать книгу

ඒ නිසා ඔයාගේ පවුලටයි, හාම්පුතාටයි කියන්න ඕනේ දේවල් කියලා තියන්න. ඒක ඉවරවුනාට පස්සේ ඔයාව අපි ආයෙත් සම්බන්ධ කර ගන්නවා. වේදනාවකින් තොරව සති හයක් ඇතුළත ඔයා මැරෙනවා, එතකොට ඔයා ඔයාගේ පවුලට බදු රහිත විශාල මුදලක් ඉතුරු කරලා යනවා, එයාලගේ ජීවිතය ආයෙත් අලුතින් පටන් ගන්න.”

       "අපි තවත් ජෝගුවකුයි, විස්කියි ඇනවුම් කරමු, ජිම්."

      ∞

       දින කිහිපයකට පසු, නෙවාඩාවට පියාසර කරන ලෙසත්, සැටලයිට් සංචලන උපාංගය සහිත කාර් එකක් මිලට ගෙන සිතියමෙහි පෙන්වා තිබූ නිශ්චිත ස්ථානයකට යන ලෙසත් රොන්ට කෙටි පණිවිඩයක් ලැබුණි. රොන් තම හාම්පුතාගෙන් සහ සගයින්ගෙන් සමුගත්තේ සති දෙකක නිවාඩු කාලයක් ගත කිරීමට යන බව පවසමිනි. තමාට පුහුණු පාඨමාලාවක් සඳහා යාමට සිදු වූ බව ඔහු තම බිරිඳට පැවසූ නමුත් එය ඔහුගේ රැකියාව සමඟ සිදු වූවක් යැයි උපකල්පනය කිරීමට ඔහු ඇයට ඉඩ දුන්නේය.

       ඔහු දැඩි බලකොටු සහිත සංකීර්ණය වෙත පැමිණි විට, ඔහුව නවතා ඔහුගේ හදුනාගැනීමේ පත්‍ර ඉල්ලා සිටියෝය. ඔහුට ලබා දී තිබුනේ ‘මළ මධ්‍යස්ථානය’ යන්න පමණි, නමුත් ඔහු එය කී විගසම ඔහුව පිළිගෙන ලබා දිය හැකි සෑම ආගන්තුක සත්කාරයක්ම ලබා දුන්නෝය.

       ආගන්තුක සත්කාරය යනුවෙන් මූලික වශයෙන් අදහස් කළේ නොමිලේ නවාතැන්, නොමිලේ ආහාර, නොමිලේ බීම සහ නිදහස් කාන්තාවන් යන්නයි. ‘මළ මධ්‍යස්ථානය’ අදාල බිල්පත් ලබා ගත් අතර ඉතා හොඳ පාරිභෝගිකයෙක් විය.

       කඳවුර තුළ විවිධ පුහුණු වැඩසටහන් තිබෙන බව රොන්ට පෙනුණි. ඔහු යෙදුනාවූ පුහුණු වැඩ සටහනට බොහෝ ශාරීරික වෙහෙසවීම් අවශ්‍ය වූ අතර, එහිදී පිස්තෝලයක් සහ පිහියක් භාවිතා කරන ආකාරය සහ උගුරු ඇටයට එල්ල කරන්නාවූ සරල පහරක් මගින් විරුද්ධවාදියෙකු ඉවත් කර ගන්නා ආකාරය සහ ඔහු කතා කරන විට ඔහුගේ කටෙහි කෙළ පුරවා, ඒවා ඉවතට විසිරී යන අන්දමින් කතා කරමින් අන් තැනැත්තාගේ අවධානය වෙනතකට යොමු කරන ආකාරය ගැන ඔහුට කියා දුනි.

      

Скачать книгу